පුත්තලමේ පර්දා අබා විරෝධතාවක්! ප්‍රා.ලේ. කාර්යාලයේ රාජකාරී කටයුතු සම්පූර්ණයෙන් අඩාලයි!

May 13, 2019 at 7:32 pm | by admin

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරත වන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන් අඩාල විය.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදී පර්දාව සහ අබාය හැඳ රාජකාරිවල නිරත නොවන ලෙසට දැනුම්වත් කර තිබිය දී ඔවුන් දිගින් දිගටම එම ඇඳුම භාවිත කිරීමට මෙම විරෝධතාවට හේතු වී තිබේ.

මේ හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබු අතර මුස්ලිම් නිලධාරින් හා නිලධාරිනියන් පිරිස පමණක් සේවයට පැමිණ සිටි ආකාරය දැක ගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස