පී.සී.ආර්. කළ හෙදියට හිමිනම වීදුරු පීඟානකින් පහර දෙයි….! බරපතළ තුවාල ලත් හෙදිය රෝහලට….!

July 26, 2021 at 8:12 pm | by emanisa.lk

ආණමඩුව මූලික රෝහලේ කොවිඩ් ඒකකයේ රාජකාරිවල නිතරව සිටි හෙදියකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිමිනමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයක දී වේදනාවක් ඇති වීම නිසා උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පිගානකින් පහරදී ඇති බවයි.

පහරකෑමෙන් හෙදියගේ හිස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.

අනතුරුව තුවාල ලැබූ හෙදිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කළ බව ආණමඩුව රෝහල් බලධාරීහු පවසති.

හෙදියට පහර දුන් ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *