පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වෙයි…! අනුර දිසානායක ජනපති ලේකම් පුටුවට…!

December 13, 2021 at 2:33 pm | by emanisa.lk

නව ජනාධිපති ලේකම් ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ හිටපු ලේකම් මෙන්ම වත්මන් වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී. එම්. අනුර දිසානායක පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත ද හිමි වී ඇත. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමත් සමගම මේ නව පත් වීම සිදු වනු ඇති අතර පී. බී . ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ලේකම්වරයකු ලෙස පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ක්‍රියා කලාපය හේතුවෙන් මේ වන විට ජනාධිපතිවරයා ද අපහසුතාවට පත් වී ඇති අතර රට තුළ අර්බුධ ගණනාවක් නිර්මාණය වී ඇතැයි රජයේ මැති ඇමැතිවරුන්ගෙන්ම නැගෙන චෝදනා මත පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *