පීඨාධිපතිවරු සුමන්දිරන් විග්නේශ්වරන් මතයට පයින් ගසයි! යාපනය විශ්වවිද්‍යාලයට හමුදා ආරක්ෂාව ඉල්ලයි!

May 9, 2019 at 9:37 am | by admin

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් පෙරේදා (07 වැනිදා) යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා හමුවී කඩිනමින් යාපනය විශ්වවිද්‍යාලයට යුද හමුදා ආරක්‍ෂාව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

පසුගියදා ප‍්‍රභාකරන්ගේ රුව සහිත ප‍්‍රචාරක පෝස්ටර් සහ කොටි සංවිධානයට සම්බන්ධ වෙනත් දෑ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා කර ඇත්තේ බරපතළ වරදක් බවද මෙහිදී සඳහන් කර ඇති එම පිරිස කෙසේ වෙතත් එම සිසුන්ට සහනයක් ලබාදෙන ලෙසද යාපනය ආඥාපතිවරයාට පවසා ඇත.

ආරක්‍ෂාව ලබාදීමේදී විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයට නොව පිටත ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කරන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.

උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් යුද හමුදාවට එරෙහිව විවිධ ප‍්‍රකාශ සහ චෝදනා කරනු ලැබුවද විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඒ අනුව වහාම විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

සමන් ගමගේ
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස