පිළිම පොළොවේ ගැසූ තරුණයාට වැඩ වරදී…!

July 16, 2024 at 7:47 pm | by emanisa.lk

බුදු දහමට නිගා වන ආකාරයට බුදු පිළිමයක් දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ ගසා ඒවායේ දර්ශන ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙක් අඹන්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණ කරුණයා අඹන්පොළ සමගි මාවතේ පදිංචිකරුවෙකි. තරුණයාගේ පියා පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ පුතා මාස දෙකක කාලයක් තිස්සේ සිට කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.

බුදු පිළිමයට අමතරව ගම්භාර දෙවියන්ගේ සහ සිද්ධ සූනියම් දෙවිවරයන්ගේ ප්‍රතිමා මෙසේ පොළොවේ ගසා විනාශ කර තිබෙන බව ද කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *