පිළිකාකාරක ෆාම් ඔයිල් මාෆියාවට වර්තමාන ආණ්ඩුව වැට බැන්දා….! අද පොල්තෙල් භීතිකාව මවන්නේ වෙළෙඳපොළ අහිමි වුණ ෆාම් ඔයිල්කාරයෝ….! – විමල්…

March 31, 2021 at 11:18 pm | by emanisalk

දේශීය නිෂ්පාදකයා සුන්නද්ධූලි කරමින් විදේශ නිෂ්පාදකයාට වෙළඳපොළ අත්පත් කර ගැනීමට හැකි ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාට රටට අහිතකර විනාශකාරී ගමනක් නිර්මාණය කිරීමට පාර කැපුවේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක බවත් නූතන දේශපාලනයේ ද එවැනි ජුනියස් රිචඩ්ලා සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා ඇති බවත් එය නිවැරැදිව හඳුනාගෙන ගමන ගියොත් පමණක් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ස්වදේශීය නිෂ්පාදකයා බලගැන්වීමේ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා රැගෙන යාමට මේ ආණ්ඩුවට හැකි වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වා දෙයි.

ඊයේ (30) කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටල් පරිශ්‍රයේ පැවැති මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ප්‍රදානය කිරීමේ දෙවන අදියර වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“මේඩ් ඉන් ශ්‍රී ලංකා, සන්නාමය 2020 දෙසැම්බර් 15 වැනි දා අප ජනගත කරනු ලැබුවේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා ජාතිකවත් ජාත්‍යන්තරවත් අවශ්‍ය කරන වෙළෙඳපොළ අවකාශය ලබා දීම සඳහායි. මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන්ට වඩා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට මෙම සන්නාමය මුල් අදියර යටතේ ලබා දීම අපේ බලාපොරොත්තුව වූවා. ඒ අනුව තමයි අදත් සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදකයන් 25කට මෙසේ ඔවුන්ගේ දේශීය නිෂ්පාදන සඳහා මෙම සන්නාමය ලබා දෙන්නේ
madeinsrilanka.org

එම සන්නාමය වඩා ජයග්‍රාහීව ඉදිරියට යාම සිදුවනු ඇත්තේ මේ වසරේ මැද භාගය වන විට madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය සක්‍රීයව ක්‍රියාත්මක වීමත් සමගයි .එසේම අපේ බලාපොරොත්තුව මේ වසර තුළ මේ පුණ්‍ය භූමියෙහි මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමයට හිමිකම් කියන සුවිශාල දේශීය නිෂ්පාදන ප්‍රමාණයක් හඳුන්වා දීමයි. 1977ට පෙර අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබී තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව, වෙනත් දේශීය නිෂ්පාදකයන් අතින් බිහි වූ කෘෂිකර්මාන්තයට යොදාගත් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඒ වකවානුවේදී බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප දේ ‘ යන තේමා පාඨය ඒ වකවානුවේ ජීවත් වූ බොහෝදෙනා තුළ රැව් පිළිරැව් දුන් තේමා පාඨයක් වුණා. නමුත් ඒ ස්වදේශික නිෂ්පාදන බලගන්වමින් යන ගමන 1977දී අවාසනාවන්ත ලෙස බිඳ වැටෙනවා.

‘1977 ආපු මසුරන් වැස්ස ‘
ඒ බිඳ වැටීම තේරුම් ගැනීම රටේ ස්වදේශික නිෂ්පාදන බලගැන්වීමට කල්පනා කරන අපි සියලුදෙනාගේම වැදගත් අවශ්‍යතාවක් ලෙස මා දකිනවා. කාලගුණය දේශපාලනයටත් අදාළයි. දේශපාලන ලෝකයේ කාලගුණ තත්වය අනුව තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදන බලගැන්වෙනවාද, නැද්ද කියා තීරණය වන්නේ. සමහරුන්ට අනුව අර්ථකථනය කරන්න පුළුවන් 1970 – 77 වකවානුවේ පැවතියේ වියළි දේශපාලන කාලගුණයක් කියා. ඒ කාලයේ පැල වුණේ ස්වදේශික නිෂ්පාදකයාගේ නිෂ්පාදන පමණයි. ඉහත අර්ථකථනය තුළ එම වකවානුව සිතූ සිතූ සම්පත් ලබා නොදෙන වකවානුවක්. ඊට පස්සේ මේ රටට අවශ්‍ය වුණා, ඒ වියළි කාල පරිච්ඡේදය වෙනුවට හොඳට වහින කාල පරිච්ඡේදයක්. ඒක ‘මසුරන් වැස්ස නොනවත්වා වහින කාල පරිච්ඡේදයක්’ ලෙසයි අර්ථකථනය වුණේ.

‘දාස මුදලාලිලා ගසාගෙන ගිය සුළඟ’
1977 දී බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ දේශපාලන තත්ත්වය වෙනස් කළේ ඉහත කී මසුරන් වැස්ස නොනවත්වා වහින කාලගුණ තත්ත්වයකටයි. ලෝකයේ බොහෝ රටවලින් ණය අරගෙන, ඒ ණය වියදම් කරලා සංවර්ධන කටයුතු කරන ගමන් ලැබෙන අමතර ප්‍රතිලාභ යටිමඩි ගහන සංස්කෘතියක් එමඟින් හැදුනා. එතෙක් බොහෝ දුරට ගරු කටයුතු තත්වයක තිබුණු රටේ දේශපාලනය සහ රාජ්‍ය අංශය මුදල පසුපස හඹා යන තරගයකට එමඟින් තල්ලු කෙරුණා. ඔබට මතක ඇති අපේ රටේ විවෘත ආර්ථිකයට දොරටු විවර කළේ කිසිදු සීමා කිරීමකින් නොවෙයි. විවෘත ආර්ථික සුළඟට එදා එන්න ඉඩ හැරියේ අපේ ඇඳිවත පවා ගලවා ගෙන යා හැකි අන්දමටයි. ජපානය වැනි රටක් පවා විවෘත ආර්ථික පිළිවෙත සමඟ යම් ආරක්ෂණවාදී පියවර ගන්නවා. අදටත් එරට කෘෂිකර්මාන්තය බිඳ නොවැටී පවත්වා ගැනීමට සහල් ආනයනයට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රටට විවෘත ආර්ථික සුළඟ හැමුවේ දාස මුදලාලිලා එමගින් ගහගෙන යන විදිහට, යුනික් රේඩියෝව පැත්ත පළාතක තබා ගැනීමට නොහැකි වන අන්දමට හා අවසානයේ සියලු දේශීය නිෂ්පාදන කඩා වැටෙන අන්දමටයි. විදේශ නිෂ්පාදන ගෙනැවිත් පරිභෝජනය කිරීම, අලෙවි කිරීම එකම ක්‍රමය වන විදිහට රටේ දේශපාලන කාලගුණ තත්ත්වය වෙනස් වුණා.

‘ආස්වාදය ගසාගෙන ගිහිල්ලා’
විවෘත ආර්ථිකයේ මුල් කාලය ඉතා ආස්වාදජනක ලෙස පෙනුනාට දැන් ඇවිත් තිබෙන්නේ අමාරු කාලයයි. දැන් අපට රටක් ලෙස ගෙවීමට තිබෙනවා, රුපියල් බිලියන ගණනාවක ණය වාරිකයක්. අද එම ණය ගෙවීමට නැවත නැවත පොලියට ණය ගැනීමට සිදුව තිබෙනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අර්බුදයට ගොස් තිබෙනවා. විදේශ විනිමය අවශෝෂණය කරගත හැකි ක්‍රමවේද ඇහිරී තිබෙනවා. දැරිය නොහැකි විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. ‘මසුරන් වැස්ස’ වැහැපු මුල් කාලයේ තිබුණු ආස්වාදය ගසාගෙන යන අවසන් කාල පරිච්ඡේදයට අපි රටක් ලෙස මුහුණ දී සිටිනවා.

‘තියුණු කඩඉම’
ඒ නිසා මේ අවස්ථාවේදී දී හෝ ස්වදේශීය නිෂ්පාදන බලගන්වමින් පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය අවම කළ යුතුයි. ඒ වගේම විදේශ වෙළෙඳපොළ කරා යන ගුණාත්මක බවින් යුතු, නිමාවෙන් ජාත්‍යන්තර නිපැයුම් සමග තරග කළ හැකි නිෂ්පාදන අප බිහි කළ යුතුයි. ඒවාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය දක්වමින්, ඒවා දිරි ගන්වමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ලෝක පරිණාමයෙන් ජනගත කළ යුතුයි. එසේ නොකළහොත් අපට රටක් ලෙස මේ තියුණු කඩඉම පසු කිරීමට බැහැ. අපි තවමත් තිරිඟුපිටිවලට වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරනවා. ඒත් මඤ්ඤොක්කා පිටිවලින් පාන් ගෙඩියක් හදන බේකරියක් අපිට තවම හදා ගන්න බැරි වුණා. මයිසූර් පරිප්පුවලට කෝටි ගණන් වැය කළාට බඩ ඉරිඟු කරල පැහෙන්න කලින් එමගින් මයිසූර් පරිප්පුවලට වඩා රස කරියක් හදන හැටි අපේ සූපවේදීන් අපට කියා දී නැහැ. බහුජාතික සමාගම්වල ශරීරයට අහිතකර රසකාරක තරගයට දමන සූපවේදීන් අපට අද රූපවාහිනි නාලිකාවලින් දැකගත හැකියි. ඒ අය හදන ආහාර අත්හදා බලලා අපේ අනාගත පරපුරේ ආයු කාලයත් අඩු වෙලා තිබෙනවා. පසුගියදා මම පුවත්පතක දුටුවා, ‘නූතන පරම්පරාවේ ආහාර සංස්කෘතිය විසින් ඔවුන්ගේ ආයු කාලය වසර 35 දක්වා අඩු කර ගෙන තිබෙනවා’ යන කරුණ.

‘රසකාරක පිරුණු කෙටි කෑම සංස්කෘතියක්’
කොවිඩ් වසංගතයෙන් මේ තරම් අඩු මරණ අනුපාතිකයකට අපි උරුමකම් කියන්නේ ඇයි ? අපේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා වගේම අවුරුදු 4 – 5 – 6 මව්කිරි දීපු අපේ ‘ගෙදර බුදුන් අම්මා’ සංස්කෘතියට පිංසිදු වෙන්න. අපේ දියුණු ආහාර සංස්කෘතිය හා ජීවන රටාවන් කණපිට හරවලා අද අපි රැගෙන යනවා මැක්ඩොනල්ඩ් හා වෙනත් රසකාරක පිරුණු කෙටි කෑම සහිත ජීවන සංස්කෘතියකට. මේ සියල්ල අපේ ඥානාන්විත පරපුර අපට අහිමි කරන්නක්. යුද්ධයකින් මිනිස්සු එකවර මරනවා. නමුත් මේ පුරුදු කරගෙන යන්නේ සැමවිටම අපි නොමරා මරන ආහාර සංස්කෘතියකට.

‘ෆාම් ඔයිල් කළ හදිය’
පිළිකා කාරක සහිත පොල් තෙල් ගැන අද සංවාදයක් මතුව තිබෙනවා. නමුත් පිළිකා කාරක සහිත පොල් තෙල් වෙළඳපොළට එන්න කලින් පිළිකා කාරක සහිත ෆාම් ඔයිල් වෙළඳපොලේ තිබුණා. ෆාම් ඔයිල් බෝතලේ එළවළු තිබෙන පින්තූරේ ගහලා ‘එළවළු තෙල්’ කියා විකුණුවාට එහි ඇති එළවළුවක් නැහැ . මේ රටේ පොල් තෙල් කර්මාන්තය බිඳ වැටුණා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය හීන වුණා. කර්මාන්ත ශාලා වැසී ගියා. ඊට පසුව පිටරටින් ෆාම් ඔයිල් ගෙනැවිත් දරුවන්ට කවලා මේ රට බෝ නොවන රෝගීන් බහුල රටක් බවට පත්කර තිබෙනවා. දැනටමත් අපි අපේ අක්මුල් මත ගොඩනැගුණු ජීවන රටාව සොයා ගෙන යා යුතුයි. අපි සාමූහිකව ඊට වෙහෙස විය යුතු යි. එසේ නොවුනහොත් අපි සාමූහිකව ජාතියක මිනී වල කණින්නන් බවට පත් වේවි. එතනින් එළියට එන්න නම් ඉතා නිවැරදි අධිෂ්ඨානයකින් යුතුව අපි ‘අපේකම’ බල ගැන්විය යුතුයි.

යුරෝපයේ තරුණයා ‘පබ්’ එකට, ක්ලබ් එකට යාමට උද්ඝෝෂණය කළාට කොරෝනා සමයේ අපේ තරුණයා එසේ කළේ නහැ. ඒ සමාජ සබඳතා යුරෝපයේ තරුණයාට අවශ්‍යයි. අපේ තරුණයාගේ පවුල් සබඳතාව සමාජ සබඳතාවට වඩා ප්‍රබල යි. ඒ නිසා ඔහුට මාස 03-04ක් වුවත් තම පවුල සමඟ සමීපව ගත කළ හැකියි.අපි වැඩිහිටි, තරුණ, ළමා පරම්පරාවන් ලෙස අප සතු වූ දියුණු සංස්කෘතික ලක්ෂණ සමාලෝචනය කර ඒවා අපේ වත්මන් ජීවන රටාවට එක්කර ගත යුතුයි. පැරණි ආහාර රටාව, ජීවන රටාව අපිව ආරක්ෂා කර තිබෙනවා .එවැනි සමාලෝචනයකින් පසුව එන නිගමන මත කටයුතු නොකළහොත් අපට ඉදිරියක් නැහැ.

එසේ නොමැතිව කිරිපිටි නැති, ඌරු තෙල් තිබෙන පිටි වර්ග ගෙනැවිත් දරුවන් හදමින්, පිළිකා කාරක සහිත ෆාම් ඔයිල් ගෙනැවිත් දරුවන්ට කවමින් ගියොත් අපට සියල්ල අහිමි වේවි. දැන් පොල් තෙල්වල පිළිකා කාරක ඇති බවට ලොකුවට හඬ නගන්නේ ෆාම් ඔයිල් මෙරටට ගෙන්වූ පිරිසයි. මෙලෙස කටයුතු කරන්නේ අපි ආණ්ඩුවක් ලෙස ෆාම් ඔයිල්වලට වැට බැන්ද නිසයි. මේ පිරිස තමයි අද පොල් තෙල් පිළිබඳව භීතිකාවක් ඇති කරන්නේ. මේ සියල්ල පිටුපස වෙළඳ න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ වෙළඳ න්‍යාය පත්‍රය නිවැරදිව කියවා ගන්න බැරි නම් අපි සමාජයක් ලෙස ඇද වැටෙන්නේ විශාල විපතකට.

පොල් තෙල් පිළිබඳව තවදුරටත් කතා කළහොත් අද ගුණාත්මක බවින් වැඩිම පොල්තෙල් නිෂ්පාදනය කෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති 100% ක්ම රාජ්‍ය සමාගමක් වූ බීසීසී ආයතනය මගිනුයි. අපේ ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පරිභෝජනය කරන සමාජයක් අද අපට උවමනායි. අපේ දරුවන්ගේ ජීවිත ගැන හිතලා ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන සිදු කරන සංස්කෘතියක් අපට උවමනායි.අද අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස පුරෝගාමිත්වය දෙන්නෙ දේශීය නිෂ්පාදකයා බලගැන්වීමට පමණක් නෙවෙයි, අපේ ජීවන රටාව ජාතියට හිතකර දිසවට පරිවර්තනය කිරීම සඳහායි. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව යමින් සිටින්නේ එවැනි ගමනක්.
යළිත් කාලගුණ වෙනසට…
මම මීට ඉහත දී කීවා දේශපාලනයේ කාලගුණික වෙනස්කම් පිළිබඳව. එම කතාවේ ඉතිරි ටික කියලා මගේ කතාව අවසන් කරන්නම්.1977 ඒ ආර්ථික සුළි කුණාටුව ආවේ කොහොමද? 1970-77 කාලයේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක්. දේශීය නිෂ්පාදකයන් බලගන්වන ආණ්ඩුවක්; ස්වදේශිකත්වයට පණ දුන් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ සිටියා ‘ෆීලික්ස් ඩයස්’ කියා කෙනෙක්. ඒ මහත්තයා කල්පනා කළා ‘වමේ පක්ෂ පන්නා දමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි පාලනයක් පවත්වා ගෙන යන්න පුළුවන් වේවි’ කියා. ඒ අනුව ඔහු ලංකා සමසමාජ පක්ෂය එළියට වැට්ටුවා. ඊට පසුව කොමියුනිස්ට් පක්ෂය එළියට වැට්ටුවා. අන්තිමේ 1977 දී ‘ජූනියස් රිචඩ් ජයවර්ධන’ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට බැස්සා. එතෙක් තිබුණු මේඩ් ඉන් ශ්‍රී ලංකා ගමන වෙනුවට, ‘බල්ලො මරලා හරි සල්ලි හොයමු! පිටරටින් දේවල් ගෙනල්ලා කාලා බීලා ජීවත් වෙමු!’ කියන කෙටි චූන් ගමන ආරම්භ වුණා.
‘ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච මනස’
ඒ ගමන ආරම්භ වීමට හේතුවක් වුණා ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච මනස. එදා ෆීලික්ස් ඩයස්ගේ නොමේරූ මනස ඉවහල් වුණා ජූනියස් රිචඩ්ට මේ රටට අහිතකර විනාශකාරී පාරක් නිර්මාණය කිරීමට. එදා ෆීලික්ස් ඩයස්ට ඒ උද්දච්ච අසනීපය නොහැදුණානම්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය රැකුණානම්, ජූනියස් රිචඩ් පරිච්ඡේදයක් මේ රටේ ආරම්භ වන්නේ නැහැ. ඒ නිසා ජූනියස් රිචඩ් පරිච්චේදයට පාර කැපුවේ වෙන කවුරුවත් නොවෙයි ෆීලික්ස් ඩයස්, ඔහුගේ උද්දච්ච මනස. ඒ දේශපාලනය තමයි අවසානයේ ‘දාස මුදලාලිලාට’ හෙනයක් වුණේ. ඒ දේශපාලනය තමයි ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කරලා විදේශ නිෂ්පාදන මේ රටේ වෙළඳපොළ අත්පත් කර ගන්නේ. ඒ දේශපාලන වරද නිසා තමයි, කිසිදු පාලනයකින් තොර නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මේ රටට කඩා වැදුණේ, දේශීයත්වය නැත්තටම නැති වුණේ. ‘ආත්මාර්ථකාමී, බල පෙරේතකමින්’ තොර දියුණු මනසක් ෆීලික්ස් ඩයස්ට තිබුණානම් මොන නිදහස් වෙළෙඳපොළ සුළඟ ආවත් ඔරොත්තු දෙන දේශීය නිෂ්පාදන ගස් ටිකක් මේ පොළොවේ පැල වී තිබෙනවා. එතැනට යන්න බැරි වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසා පමණක් නොවෙයි, එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි.
‘නූතන ෆීලික්ස් ඩයස්ලා’
නූතන දේශපාලනයේ ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේම ෆීලික්ස් ඩයස්ලාත් ඇති. ඒ අය හරියට හඳුනාගෙන ගමන ගියොත් පමණයි ‘ මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ. ඒ සඳහා ඔබ සැමගේ පරිකල්පනය අවදි කිරීමට ධෛර්යය හා ශක්තිය පතනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අප නිසැක වශයෙන්ම ජයග්‍රාහීව බලගන්වන බව සපථ කරනවා.”
මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.03.31

මුදලාලිලාට’ හෙනයක් වුණේ. ඒ දේශපාලනය තමයි ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කරලා විදේශ නිෂ්පාදන මේ රටේ වෙළඳපොළ අත්පත් කර ගන්නේ. ඒ දේශපාලන වරද නිසා තමයි, කිසිදු පාලනයකින් තොර නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මේ රටට කඩා වැදුණේ, දේශීයත්වය නැත්තටම නැති වුණේ. ‘ආත්මාර්ථකාමී, බල පෙරේතකමින්’ තොර දියුණු මනසක් ෆීලික්ස් ඩයස්ට තිබුණානම් මොන නිදහස් වෙළෙඳපොළ සුළඟ ආවත් ඔරොත්තු දෙන දේශීය නිෂ්පාදන ගස් ටිකක් මේ පොළොවේ පැල වී තිබෙනවා. එතැනට යන්න බැරි වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසා පමණක් නොවෙයි, එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි.

‘නූතන ෆීලික්ස් ඩයස්ලා’
නූතන දේශපාලනයේ ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේම ෆීලික්ස් ඩයස්ලාත් ඇති. ඒ අය හරියට හඳුනාගෙන ගමන ගියොත් පමණයි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ. ඒ සඳහා ඔබ සැමගේ පරිකල්පනය අවදි කිරීමට ධෛර්යය හා ශක්තිය පතනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අප නිසැක වශයෙන්ම ජයග්‍රාහීව බලගන්වන බව සපථ කරනවා.”

මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.03.31

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස