පිල්ලෙයාන්ට වඩා අනුරගේ ත්‍රස්ත සබඳතා බරපතළයි…! – උදය ගම්මන්පිල…

April 20, 2025 at 10:21 am | by emanisa.lk

අද ජනාධිපති ධුරය දරන අනුර දිසානායක හිටපු ත්‍රස්තවාදියෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පිල්ලෙයාන් යනු අවුරුදු 14 දී පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙකු වුව ද අනුර දිසානායක යනු සිය කැමැත්තෙන් ත්‍රස්තවාදියෙකු වූ පුද්ගලයෙකු බවයි.

එසේම පිල්ලෙයාන් ත්‍රස්තවාදය අතරමග දී අතහැර රජය සමග එකතු වී ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ ද අනුර දිසානායක යනු රණවිරුවන් ත්‍රස්තවාදය අවසන් කරන තුරුම ත්‍රස්තවාදය සමග කටයුතු කළ ත්‍රස්තවාදියෙකු බව ගම්මන්පිල අවධාරණය කරයි.

එවැනි පසුබිමක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දඬුවම් කළ යුත්තේ අනුර දිසානායකට ද පිල්ලේයාන්ට දැයි ඔහු ප්‍රශ්න කරයි.

YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *