පිරිසිදුවට වැඩේ හම්බ වුණාද! අවුරුදු 5ක් ඔයලගේ බෝකර්ලා බලයේ හිටියා නේ! – අගමැති මාර්තු 12 පරසක්වළ ගසයි… (video)

February 26, 2020 at 8:58 am | by emanisa.lk

පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් 2015 පිහිටුවා ගත් මාර්තු 12 ව්‍යාපාරයට පිරිසිදුවට වැඩේ හම්බ වුණා දැයි අගමැති මහින්ද රාජපක්ෂ විමසා සිටියේය.

ඒ මාර්තු 12 ව්‍යාපාරයේ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (26) අගමැතිවරයා මුණ ගැසුණු අවස්ථාවේය.

2015 සිට මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයන් අවුරුදු 05ක් බලයේ සිටි බව පැවසූ අගමැතිවරයා හිතේ එකක් තියාගෙන තවත් එකක් කතා නොකර අවංකව කතා කළ යුතු බව ද සඳහන් කළේය.

එහිදී තමන් දේශපාලන ව්‍යාපාරයක් නොවන්නේ යැයි රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

මාර්තු 12 ව්‍යාපාරය යහපාලන ආණ්ඩුව වෙනුවෙන් එකල නිර්මාණය කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ප්‍රකටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස