කොවිඩ් ආසාදිතයන් මේ අන්දමට ඉහළ ගියහොත් ඉදිරියේ දී මාස් පඩිය ගෙවීම ද අසීරු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි.
මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම හොඳ ම පියවර ලෙස පෙනී ගියත්, සමහරු එසේ කරන ලෙස කීවත්, එය රට තව තවත් ආර්ථික ආගාධයට ඇද දැමීමක් වනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
මේ සමහරු රට වැසුවත් අපට පඩි ලැබෙනවා යැයි සිතා නොසැලකිල්ලෙන් කටයුතු කරන ආකාරයක් පෙනී යන අතර තවත් අය රට වසා දැමීම ම අරමුණු කර ගෙන ජනරාශි ඇති කරන බවත්, ඒවායේ අහිතකර බලපෑම එල්ල වන්නේ සමස්ත සාමාන්‍ය ජනතාව වෙතට ම බවත් වෛද්‍ය හේරත් පෙන්වා දෙයි.
මේ නිසා දැනට පනවා ඇති සංචරණ නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිත කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ආරක්ෂාව සලසා ගතයුතු බවත් නැතහොත් නුදුරු දිනෙකම පවතින ආර්ථික ඇද වැටීම හේතුවෙන් මාසික ආදායමත් අහිමි වන තැනට පත්විය හැකි බවත් ඔහු වැඩි දුරටත් කියයි.