ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සහ විරෝධතා අතරතුර නොසන්සුන්කාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් ලබා දෙයි.
පිරවුම්හල් ආශ්‍රිතව ඇති වන එවැනි කලහකාරී සිදුවීම් හමුවේ ප්‍රදේශයේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීම සහ පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි, එම අමාත්‍යංශය සඳහන් කළේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.
පසුගියදා අතුරුගිරිය පිරවුම්හල අසල දී ඇති වූ සිදුවීමට මූලිකත්වය ගත්තේ ඉන්ධන පෝලිමේ නොසිටි නාඳුනන පුද්ගලයකු බවත් ගැටුම නිර්මාණය කර ඔහු අතුරුදන්ව ඇති බවත් ප්‍රදේශවාසීහු හෙළි කරති.