පියුමිලගේ බර්ත්ඩේ පාටියේ භාගේශ්වරීට සජිත්ගෙන් තනතුරක්…!

June 25, 2021 at 8:00 pm | by emanisa.lk

දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී, භාගේශ්වරී ගුණසෙකරට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුර ලබා දී තිබේ.

භාගේශ්වරී ගුණසේකර හිටපු අමාත්‍ය රංජන් රාමනායකගේ සමීපතමයෙකු ලෙස ප්‍රකට ය.

පසුගියදා දැඩි ආන්දෝනයට ලක් වූ චන්දිමාල් ජයසිංහගේ සුපිරි උපන් දින සාදයට භාගේශ්වරී මෙන් ම ඇගේ සැමියා වන චමල් ගුණසේකර ද සහභාගී වී තිබිණි.

දැනට බලාත්මක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම උපන් දිනය සාදයට සහභාගී වූ පිරිස නිරෝධායනයට යොමු කළ අතර විපක්ෂය ඒ පිළිබඳ දැඩි විවේචන සිදුකළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස