පියුමිගේ බස් එක ආපසු හැරෙව්වද? පියුමිට ඇඳුම් අරන් ගියේ පුතා ද? පුතාගේ වෙඩිම ගත්තේ ශැංග්‍රිලා ද? – ඇමැති සරත් වීරසේකර සියල්ල හෙළි කරයි…

June 8, 2021 at 6:00 pm | by emanisa.lk

තමන් සම්බන්ධයෙන් පසුගිය සමයේ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනා පිළිබඳ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුව අමතනමින් අද (08) විශේෂ ප්‍රකාශයක් කළේය.

කොළඹ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ සාදයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුන් ගෙන ගිය බසය නැවත හරවන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ යැයි පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු අවධාරණය කළේ ය.

එහෙත් තමා වෙත ලැබුණු තොරතුරු අනුව පොලිස්පතිවරයා අමතා එම පිරිසට ඇඳුම් සහ අත්‍යවශ්‍ය දෑ රැගෙන යාමට අවස්ථාවක් ලබා දෙන ලෙස දැනුම් දුන් බවත් එය වරදක් යැයි සිතන්නේ කුහකයින් බවත් ප්‍රකාශ කළේ ය.

එමෙන්ම තම පුත්‍රයාගේ විවාහය එම හෝටලය පැවැති බවට මෙන් ම චන්දිමාල් ජයසිංහ තමන්ට මුදල් ලබා දුන් බවට පළවූ පුවත් ද අසත්‍ය බව ඔහු සඳහන් කළේය.

අසත්‍ය චෝදනා පැතිර වූ පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිමය පියවර ගන්නා බව ද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස