පියාණන්ට වගේ පුතාණන්ටත් කශේරුවක් ඇත්නම් රට භාර ගනු…! විශ්වාසභංගෙට අත් දෙකම උස්සලා ආණ්ඩුව පරද්දනවා..! – පොහොට්ටු මන්ත්‍රී….

May 5, 2022 at 5:41 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබා දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

පියාණන්ට කශේරුකාවක් තිබුණා වගේ පුතාණන්ටත් කශේරුකාවක් තිබිය යුතු බව කී චාමර සම්පත් ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව රට පාලනය කළේ පියාණන්ට කශේරුකාවක් තිබුණ නිසා බව ද සිහිපත් කළේ ය.

ඒ නිසා රට බාරගෙන කරන්නැයි ද ඊට විපක්ෂ නායකවරයාට සහයෝගය දෙනවා යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *