පින්නවල අලි බේරගන්න බැරිව මං අසරණ වුණා..! තනි පුද්ගලයෙකුගේ කැමැත්තට අලි ජාවාරම්කාරයින්ට දුන්නා..! – ඉෂිණි වික්‍රමසිංහ…

September 11, 2021 at 11:26 am | by emanisa.lk

පින්නවල අලි අනාථාගාරයේ සිට බලහත්කාරයෙන් රැගෙන ගිය අලි බේරා ගැනීමට නොහැකිව තමන් අසරණ වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඉෂිණි වික්‍රමසිංහ පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉෂිණි වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබේ.

පසුගිය ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන පින්නවල රඳවා සිටි අලි නැවත අලි හිමියන්ට ලබා දීමට ගත් තීන්දුවට එරෙහිව ඈ සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වෙයි.

එක් පුද්ගලයෙකුගේ කැමැත්තට මෙම අලින්ගේ නිදහස අහිමි කිරීම කෙතරම් කෘර දැයි ඉෂිණි වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

කෙසේ වුව ද පෙරහැර කර වූ අලි පින්නවලට රැගෙන යාම නිසා දළදා පෙරහැර වැනි සංස්කෘතික උත්සවය පැවැත්වීමට පවා ගැටලු මතු වූ බව එකල මැසිවිලි නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *