පින්නදූව අධිවේගී පිවිසුමේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන සූදානමක්! මහ සඟරුවන ප්‍රමුඛ ජනතාව දැඩි විරෝධතාවක!

July 9, 2019 at 8:49 am | by emanisa.lk

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසළ ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (08) රාත්‍රියේ එම ස්ථානයට පැමිණ දැඩි විරෝධය ප්‍රකාශ කරන්නට විය.

බුද්ධ ප්‍රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.

පසුගිය සමයේ රට පුරා බුදු පිළිම සහ පුරාවස්තු විනාශ කිරීමේ සිද්ධි වාර්තා වූ අතර ඒ පිටුපස මුස්ලිම් අන්තවාදීන් සිටින බව පාස්කු ප්‍රහාරයට පසු හෙළිදරව් විය.

මහා මාර්ග සහ මාර්ග සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ එජාප සභාපති කබීර් හෂීම්ය. මාර්ග සංවර්ධන අධිකාරිය ඔහු යටතේ ක්‍රියාත්මක වෙයි. එහි සභාපතිවරයා නිහාල් රංජන් සූරියආරච්චි නැමැත්තෙකි.

පසුගියදා තිරිකුණාමලය ගුරුකන්ද රජ මහ විහාරයේ නාම පුවරුව ගලවා ගෙන ගොස් තිබුණේ ද මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස