පිට රටින් විදුලිය ගෙනැවිත් ජාතික ධනය වනසන රවී තමාට ප්‍රණාමය පුදා පෝස්ටරයක් ගසයි!

April 12, 2019 at 9:20 am | by admin

වර්තමාන ආණ්ඩුව බලයට පත් අවස්ථාවේ සිට කිසිදු විදුලි බලාගාරයක් ඉදි නොකිරීම සහ සුළං සූර්ය බලාගාර සඳහා අවසර නොදීම මගින් නිර්මාණය කළ විදුලි අර්බුදය තවම නිමා වී නැත. මේ වන විට රටට අඛණ්ඩව විදුලි බලය ලබා දීමට හැකි වී ඇත්තේ අවුරුදු සමය සඳහා බොහෝ කර්මාන්ත ශාලා වසා දමා ඇති බැවිනි.

මේ අතර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට සහ පිටරට සමාගම් දෙකක නෞකාවල ඇති බලාගාර මගින් විදුලිය ලබා ගැනීමට කටයුතු කළ අමාත්‍ය රවී කරුණානායකට විදුලිය අර්බුදය විසඳීමට ප්‍රණාමය පළ කරමින් පෝස්ටර් අලවා තිබේ. මේ ආකාරයට විදුලිය මිලයට ගැනීමට වැය වන මුදලින් නොරෙච්චෝලේ බලාගාරය වැනි බලාගාර කිහිපයක් තැනීමේ හැකියාව තිබිණි.

රාජපක්ෂ පාලන සමයේ ත්‍රස්ත ගැටුම් පැවති සමයේ පවා පැය 24ම රටට විදුලිබලය ලබා දුන් අතර විදුලිය විසන්ධි කළේ කොටි ගුවන් යානා කොළඹට පහර දීමට පැමිණි අවස්ථාවල පමණි. මේ වන විට රටේ විදුලි අවශ්‍යතාවෙන් 50%කට වඩා සපුරාලන්නේ රාජපක්ෂ යුගයේ තැනූ නොරෙච්චෝලේ බලාගාරය මගිනි. මහින්ද රාජපක්ෂ සැලසුම් කළ සාම්පූර් බලාගාරය ඉදිකළේ නම් මෙවැනි විදුලි අර්බුදයක් මතු වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස