හෝමාගම කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගොඩනැඟිල්ලක තිබී පසුගිය 29 වෙනිදා සොයා ගත් ආයුධ එකතුවට අයත් තවත් ටී 56 ගිනි අවි දෙකක් උතුරු පිටිපන පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසේ තිබී සොයා ගෙන තිබේ.
කුප්‍රකට පාතාළ කල්ලියකට අයත් බව කියන මෙම ගිනි අවි ගබඩාවේ තිබී පසුගියදා ටී 56 ගිනි අවි 11ක්, ටී 81 ගිනි අවි 11ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තේය. ඊට පසු ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකගේ නිවසේ තිබී අත්බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත්තේය.
ඒ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ලද තොරතුරු අනුව අතුරුගිරිය මුල්ලෙගම නිවසක තිබී තවත් ටී 56 ගිනි අවියක් ඊටපසු සොයා ගත්තේය. එම ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵල ලෙස අද පොලිස් කොස්පාල්වරයාගේ නිවසින් මෙම ආයුධ සොයා ගත්තේය.