පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණ මහා සෙනගක් ගෙනැවිත් ගාලු මුවදොර පිටිය පිරවූ බව සමගි ජන බලවේග අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
එහෙත් මැතිවරණය පවත්වා ඡන්දය ගණනය කරන විට ජවිපෙට එම ජනතාව පවා ඡන්දය ලබා දී නැති බව තහවුරු වූ බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මෙවර ද ජවිපෙට සිදුවන්නේ එය බවත් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ඉර-හඳ සේ විශ්වාස බවත් ශාන් විජයලාල් ද සිල්වා අවධාරණය කරයි.