සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබේ.
අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා එම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සභාපති පුජ්‍ය උලපනනේ සුංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි සහ අදාළ විරෝධතාවයට සහභාගී වන තවත් පිරිසක් සඳහා එම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ පුද්ගලයින්ට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ඇතුළුවීම ඕල්කට් මාවත බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුව පොලිස් වසමේ වෙනත් ස්ථානයක රැඳී සිටිමින් එහි ගමන් ගන්නා මහ ජනතාට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පොදුවේ මහ ජනතාව වෙත එම ආඥාව යොමු කිරීමට අවසර ලබා දී ඇති අතර මෙම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.