නරක් වූ සහල් ආහාරයට ගෙන කුකුළන් මැරුණු බව පැවසෙන කතාව අමූලික බොරුවක් බව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශුබෝධ මාරසිංහ පවසයි.
ඒ අනුව, ඉදිරියේදී අභූත චෝදනා එල්ල කරන පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පසු ගියදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
ජනාධිපති උපදේශකවරයා සඳහන් කළේ, මෙම සතුන් මරණයට පත් කිරීමේ අරමුණින් ආහාරවලට වස මුසුකර ලබාදී තිබේදැයි සොයා බැලිය යුතු බව ය.
සමාජයට ආර්ථික සහන ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් වෛරයෙන්, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පසුවන බව ඔහු සඳහන් කළේ ය.
ලබන මාසයේදී යළිත් මහ ජනතාවට සහල් බෙදන බවත් පළමු අදියරේ නොමිලයේ ලබා දුන් සහල් පරිභෝජනය කළ කිසිවකුගෙන් පැමිණිලි ලැබී නැති බව ත් මාරසිංහ වැඩිදුරට ත් සඳහන් කළේ ය.