පිං පඩි කන්න ලැජ්ජ නැද්ද යකෝ.. වැඩක් කරපල්ල …කාලකන්නි…ශාප කරනවා….! – ගුරු විරෝධතාවට ජනතාවගෙන් කුනු බැනුම්…

October 7, 2021 at 9:12 am | by emanisa.lk

නිරෝධායන නීති කඩමින් පැවැත් වූ ගුරු විරෝධතාව සඳහා ඇතැම් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ විරෝධය එල්ල විය.

එසේ ම ඇතැම් ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියදුරන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද ඊට එරෙහිව ප්‍රසිද්ධියේ බැන වදිනු දැකගත හැකි විය.

අවුරුදු දෙකක් තිස්සේ ගුරුවරුන් නිකන් ඉඳිමින් පඩි ගන්නා බවටත් රට වසා තිබූ මාසයේ තමන්ට රජයෙන් ලැබුණේ රු. 2000ක් පමණක් බවටත් අයෙක් චෝදනා කළේ ය.

තවත් අයෙකු පඩියක් ගන්නවා නම් වැඩක් කරපල්ලා… ලැජ්ජයි යකෝ…උඹලා සර්ල නෙමෙයි, ලංකාවේ කාලකන්නි යැයි චෝදනා කළේ ය.

ලංකාවේ ගුරුවරුන් කරන අපරාධයට තමන ශාප කරන බව ද ඔවුහු පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *