පිංබර ටිකිරි දැන් ඔයා රිටයර් වෙන්න! තරුණ සජිත් පෙරහැරේ යන්න සූදානම්! – හරීන් ප්‍රනාන්දු

August 19, 2019 at 9:23 am | by emanisa.lk

මෙතෙක් කල් උතුම් දළදා පෙරහැර වර්ණවත් කර විශ්‍රාම ගිය පිංබර ටිකිරි ඇතින්නට පිං අනුමෝදන් කරන ඇමති හරීන් ප්‍රනාන්දු සිය අඩුව සම්පූර්ණ කරන තරුණ ඇතකු ලෙස බලා ටිකිරි සතුටු කඳුලු හෙළනු ඇතැයි විශ්වාස කරයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

වසර 50ක් පමණ දළදා පෙරහැර ඇතුළු පෙරහැර ගණනාවක් වර්ණවත් කළ ටිකිරි ඇතින්න මෙවර දළදා පෙරහැරට යොදා ගැනීම බොහෝ දෙනාගේ විරෝධයට ලක්විය.

කෙසේ වුවද ඇමති හරීන් මේ ව්‍යංගයෙන් පවසන්නේ ටිකිරි ඇතින්න පිළිබඳ නොව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ පිළිබඳ බව සමාජමාධ්‍යවල අදහස් පළ වී තිබිණි.

වසර 25ක් පමණ එජාප නායකත්වය දරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහය. මේ කාලය තුළ ඔහු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වී පරාජය වූ අතර අවසාන ජනාධිපතිවරණ දෙකටම වෙනත් අපේක්ෂකයන් ඉදිරිපත් කළේය.

එහෙයින් ඔහු දැන් නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දිය යුතු බවත් පක්ෂයේ පිරිසකගේ අදහසය. ඇමති හරීන් ද එම අදහස දරන්නෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස