පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනා…!

June 29, 2024 at 9:39 am | by emanisa.lk

ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින බවට පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා චෝදනා කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිෂන් සභාවට ජුලි මස 17 වන දිනෙන් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ හැකි බවත් නීතියට අනුව පළාත් පාලන මැතිවරණය මේ මොහොතේදීත් ක්‍රියාත්මක අවස්ථාවේදී මෙවැනි දේශපාලන පත්වීම් සිදු කිරීම නොකල යුතු බවද ඒ මහතා පවසයි.

එලෙස පත්කිරීමට යෝජිත නියෝජිතයින් තෝරාගැනීම සඳහා නිර්ණායක සකසන ලෙසත් එම පත්කිරීම ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයන් වන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත්වීමකින් තොරව දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුකරන ලෙසත් සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීමේදී දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් මගින් මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛ උපමානවලට අනුකූලව සිදුකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *