පැරාලිම්පික් ලෝක ශූර සමිත දුලාන්ට අගමැතිනිය අතින් නව හෙල්ලයක්…!

January 31, 2025 at 3:40 pm | by emanisa.lk

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ සමිත දුලාන් කොඩිතුවක්කු වෙත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නව හෙල්ලයක් පිරිනැමුවාය.

2024 වර්ෂයේ ප්‍රංශයේ පැවැති පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේ සමිත දුලාන් කොඩිතුවක්කු මහතා හමුවු සුභාෂිනී නිරංජලා වීරසිංහ තම ශ්‍රී ලංකා සංචාරයේදී මෙම විශේෂ හෙල්ලය ලබා දීමට අදහස් කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය සහ සමිත දුලාන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා එක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *