පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්තට තවත් ඇගයීම්…! අගමැති මහින්දගෙන් අලුත් ම නිවසක් තෑගි…!

September 10, 2021 at 11:28 am | by emanisa.lk

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නව නිවසක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරාට දැනුම් දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියකින් නිවසක් හඳුනා ගෙන අදාළ නිවස ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාරට දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *