පැය 48කට පසු දිවයිනෙන් කොරෝනා රෝගීන් 4 දෙනෙක්! දැන් රෝගීන් 106යි! 7ක් සුවයි!

March 26, 2020 at 10:55 pm | by emanisa.lk

දින දෙකකට පසු ලංකාවෙන් අලුත් කොරෝනා අසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී තිබේ.

අද (26) හවස 4.30ට නිමා වූ පැය 48 පුරාම කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසූවාය.

මෙම රෝගීන් 4 දෙනා වාර්තා වී ඇත්තේ ඊට පසු බව වසංගත රෝග විද්‍යාතනය තහවුරු කරයි.

මේ අතර අද හවස වන විට කොරෝනා අසාදිත රෝගීන් 7 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලින් නික්ම ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස