පැය 24ම කොරෝනා සටනට කැපවූ හමුදා නිලධාරියෙකුටත් කොරෝනා! ඔහු ඉතාලි චණ්ඩි පාලනයට ගුවන්තොටෙත් මැදිහත් වෙලා!

March 17, 2020 at 3:48 pm | by emanisa.lk

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ හමුදා නිලධාරියා සෘජුවම ඔවුන් සමඟ සිටි නිසා මෙම තත්ත්වය ඔහුට ඇති වි ඇති බවට සැක කරන බවයි.

එම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බවද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ සඳහන් කළේ පෞද්ගලික ගුවන්විදුලි වැඩසටහනට එක්වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස