පැය ගණන් පෝලීම්වල රස්තියාදු වෙන්න එපා…! ගෙදර ඉඳල ම ෂෙඩ් එකේ තියෙනවා ද දැනගන්න ඇප් එකක්…!

May 20, 2022 at 9:35 am | by emanisa.lk

රට පුරා ඉන්ධන පිරවුම්හල් ජාලය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දුරකතන යෙදවුමක් සතියක් ඇතුළත හඳුන්වා දීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම යෙදවුම මගින් රට පුරා ඉන්ධනහල්වල පවතින ඉන්ධන තොග සහ ඉන්ධන නැවත ලැබෙන අවස්ථාව ඇතුළු පාරිභෝගික ජනතාවට උවමනා සියලු තොරතුරු ලබා ගත හැකි ය.

එම තොරතුරු ලබා ගැනීම මගින් ජනතාවට අනවශ්‍ය පෝලිම් සහ රස්තියාදු වීම්වලින් තොරව ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

මෙම වැඩපිළිවෙළ සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව සාකච්ඡාවක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ තාක්ෂණ අමාත්‍යංශය අතර හමුවක් පෙරේදා (18) බලශක්ති අමාත්‍යංශයේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *