පැන්ඩොරා හෙළි කළ ප්‍රභූන් ගැන විමර්ශන…! වරදට එරෙහි නීතිය අකුරට…! – පාකිස්ථාන අගමැති…

October 4, 2021 at 11:02 am | by emanisa.lk

ආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන හෙළි කළ සිය රටේ සියලු පුරවැසියන් පිළිබඳ විමර්ශන කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ඔවුන් විදෙස් වත්කම් මිලයට ගැනීමේ දී කිසියම් වරදක් කර ඇත්නම් ඊට එරෙහිව අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

ලොව ප්‍රබල පුද්ගලයින් විදෙස් රටවල රහසිගතව මිලයට ගෙන ඇති දේපළ පිළිබඳ පැන්ඩෝරා ලේඛන මගින් හෙළිදරව් කෙරිණි.

පාකිස්ථාන අගමැතිවරයාගේ සමීපතමයින් සහ ඇමැති මණ්ඩලයේ සිටින කිහිප දෙනෙකුගේ නම් ද එහි ඇතැයි අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස