සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය දා බත්තරමුල්ල පොල්දූව හංදියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
අද (28) ප.ව. 12.30ට පමණ කර්නර් අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දින කිහිපයක සිට සොයමින් සිටියේය.
.