ඊයේ (14) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහභාගී නොවූ බව වාර්තා වේ.
ඒ එජාප නායක වික්‍රමසිංහ හා ඔහු අතර මේ වන විට පැන නැගී තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය මුල් කරගෙනය.
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට කාරියවසම් මාධ්‍යට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ඔහුට තදින් දොස් පවරා තිබෙන බවද අනාවරණය වී තිබේ.
පක්ෂයේ මහ ලේකම් ධූරයට ඉතා කඩිනමින් සාගල රත්නායක පත් කිරීමේ අවශ්‍යතාවක් එජාප නායකයාට තිබෙන බව ද වාර්තා වේ.
සාගල රත්නායක බොහෝ කලක සිට පක්ෂ ලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටින බව ද දැනගන්නට තිබේ.