පැණි බීලා, මුට්ටි ගඟට දාලා කොවිඩ් මර්දනය කරන්න බෑ….! – ඩලස්…

August 22, 2021 at 12:15 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා විසඳුම් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම හරහා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

පැණි බීමෙන් හෝ මුට්ටි ගඟට දැමීමෙන් වසංගතය මර්දනය කළ නොහැකි බව සියලු දෙනා ම අවබෝධ කරගත යුතු බව ඇමතිවරයා අවධාරණය කළේ ය.

පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වන අගෝස්තු 30 වැනිදා වනවිට එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බවත්, ඒ සඳහා ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මාතර පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස