පාස්පෝට් කන්තෝරු ළඟ දිගු පෝලිම් ඇයි…! දහස් ගණනින් රට හැර යන්න පටන් ගෙන ද…? – ආගමන විගමන පාලකගේ අනාවරණය මෙන්න…

October 24, 2021 at 2:37 pm | by emanisa.lk

වසරකට සාමාන්‍යයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ පහමාරක් පමණ නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක (ගමන් බලපත්‍ර) ප්‍රියන්ත හපුආරච්චි පවසයි.

එහෙත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග 2020 වසරේ දී එය දෙලක්ෂ හත්දහස දක්වා පහත වැටුණු බව ද ඔහු සඳහන් කරයි.

මේ වසරේ මුල මාස නවය තුළ ම ගමන් බලපත්‍ර අයඳුම්කර තිබුණේ දෙලක්ෂ විසිපන්දහසක් බවත් ප්‍රියන්ත හපුආරච්චි පෙන්වා දෙයි.

කෙසේ වුව ද ඔක්තෝබර් මස වැඩ කළ දින 13ට ගමන් බලපත්‍ර 50 000ක් පමණ අයඳුම්කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග නැවත රටවල් විවෘත වීම, විදෙස් විශ්වවිද්‍යාල නැවත විවෘත වීම, මැදපෙරදිග රැකියා අවස්ථා නැවත ලැබීම, ඇමරිකානු ග්‍රීන්කාඩ් අයඳුම්පත් භාරගැනීම ඇරඹීම, යුරෝපයේ මැදපෙරදිග සහ ආසියාතික රටවල නව රැකියා අවස්ථා ලැබීම නිසා මෙලෙස ගමන් බලපත්‍ර අයඳුම් කිරීම ඉහළ ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක (ගමන් බලපත්‍ර) ප්‍රියන්ත හපුආරච්චි වැඩි දුරටත් සඳහන් කරයි.

දෙරණ රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස