පාස්කු බෝම්බකරුගේ තඹ කම්හලට තඹ ටොන් ගණන් ගන්න ජනපති කාර්යාලයෙන් ලිපියක්!

May 11, 2019 at 8:18 am | by admin

පාස්කු ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ සකස් කළ බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලට ඇමති රිෂාඩ් බදූර්දීන් යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඉවතලන තඹ හා ලෝහ ලබාදී ඇති බව හෙළිදරව් වී දැන් ටික කලකි.

ක්ලෝසස් නම් එම කම්හල මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් එකකි. ඔහුගේ සමාගමට තඹ ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ද නිර්දේශ කර තිබේ. 2018 ජුනි 06 වෙනිදා එවක ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මෙම සමාගමට තඹ ටොන් 500ක් සහනදායි මිලට ලබා දෙන ලෙස නිර්දෙශ කර තිබේ.

මෙය සිදුවන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සඳහා සූදානම් වන බවට 2016 වසරේ අතුරලියේ රතන හිමි ද සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමක දී බුද්ධි අංශ ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති පසුබිමකය.

ඊට ටික කලකට පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය භාරගත් අතර ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට තේරි පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *