පාස්කු ප්‍රහාර විමර්ශන තොරතුරු ඉතා රහසිගතයි…! එම තොරතුරු ජනතාවට හෙළිකිරීම යුක්තිය ඉටු කරන්න බාධාවක්…! – පොලිස්පති….

August 26, 2021 at 10:49 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න පවසයි.

පාස්කු ප‍්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා ඊයේ (25) මේ බව සඳහන් කළේය.

2019 වසරේ එල්ල වූ පාස්කු ප‍්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පතිවරයා අවධාරණය කරයි.

එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් සහගතව සිදුකළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව පෙනී යන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවත් ඒ පිළිබඳ තොරතුරු මහ ජනතාවට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවත් හෙතෙම වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස