පාස්කු ප්‍රහාර පරීක්ෂණ මුස්ලිම් ඡන්දවලට යටවෙලා! නිවැරදි පරීක්ෂණයක් නොකළොත් මේ ආණ්ඩුව ඉවරයි! – ඇමති නිරෝෂන් පෙරේරා

June 14, 2019 at 11:01 pm | by emanisa.lk

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමක් නොව සිදුව ඇත්තේ නිවාඩු ගැනීමක් බවත් ඔවුන් සියලු දෙනා ඇමති වරප්‍රසාද භුක්ති විඳින බවත් ඇමති නිරෝෂන් පෙරේරා පවසයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සඳහා මුදල් සහ දේශපාලන රැකවරණ දුන් අපරාධකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණය සහ සිය මුස්ලිම් ඡන්ද මල්ල පෙන්නා රැකවරණ ලැබීමට සූදානම් වන බවත් ඒ සඳහා ඉඩකඩ මේ වන විට පුළුල් වී ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

එහෙයින් වර්තමාන පරීක්ෂණ පිළිබඳ තමන්ට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුළුල් සහ ගැඹුරු පරීක්ෂණයක් නොකළොත් මේ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු වන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස