පාස්කු ප්‍රහාරෙය් වගකීම පසුගිය රජය භාරගත යුතුයි..! මං දැනං හිටියා නම් වළක්වනවා…! – මෛත්‍රී…

March 26, 2021 at 2:11 pm | by emanisa.lk

ස්කු ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන සිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් ම්ලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සහරාන් වරෙන්තුකරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති වැඩක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි කොමිසම සොයා බැලිය යුතු බව ද කියයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා සිද්ධිය වූ අවස්ථාවේ දී පැවැති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම කරුණක් බව ද අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස