අන්තවාදී හොරි කසන මුස්ලිම් දේශපාලකයෝ සහ ගිනි පිඹින NGOකාරයෝ!

April 8, 2020 at 4:43 pm | by emanisa.lk

පසුගිය අප්‍රේල් 21 වෙනිදා රටට එල්ල වූ පාස්කු ප්‍රහාරය සහ වර්තමාන කොරෝනා වසංගතය අප මෑත කාලයේ මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් දෙකක් බවට කිසිදු සැකයක් නැත. අප එකම ජාතියක් ලෙස කොරෝනා වසංගතයට මුහුණ දීමට සූදානම් නැත්නම් තිස් වසරක ත්‍රස්තවාදය ද ලෙයින් යකඩින් මර්දනය කළ 1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය ද ඉක්මවා යන මහා සංහාරයකින් එය නිමා විය හැකිය.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මෙන්ම කොරෝනා වසංගත අවස්ථාවේ ද බටහිර රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, තානාපති කාර්යාල, එම තානාපති කාර්යාල මත යැපෙන NGO කලාකරුවන් සහ උගතුන්, සිංහල බෞද්ධ විරෝධී බලවේගවල සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල හැසිරීම සමීපව නිරීක්ෂණය කළ විට එහි ඇත්තේ පුදුම සහගත සමානතාවකි.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ඍජුවම ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසිනි. මේ ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලිය රටේ නමගිය මුස්ලිම් දේශපාලකයන් සහ ප්‍රභූවරුන් සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා තිබේ. එම ප්‍රහාරය සඳහා රටේ එක් ජන වර්ගයකට අයත් පිරිසක් පමණක් එනම් මුස්ලිම් ජාතිකයන් පමණක් සම්බන්ධ වන පසුබිමක සෙසු ජන වර්ග මුස්ලිම් ජන වර්ගය දෙස සැකයෙන් බැලීම පාලනය කිරීම අසීරු තත්ත්වයකි.

එවැනි අවස්ථාවක ප්‍රහාරයෙන් වින්දිත සිංහල සහ දෙමළ ජනකොටස් නියෝජනය කරන දේශපාලන සහ ආගමික නායකයන් තම ජන කොටස අමතමින් අදාළ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් මිස මුස්ලිම් ජනතාව නොවේ යැයි පවසන අතර මුස්ලිම් දේශපාලන නායකයන් සහ ආගමික නායකත්වය කළ යුත්තේ උක්ත ප්‍රකාශය රට ඉදිරියේ සනාථ වන ලෙස කටයුතු කිරීමය.

අගරදගුරු කාදිනල්තුමා මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද පාස්කු ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදය යොදා ගෙන ගෝලීය ත්‍රස්තවාදය විසින් සිදුකළ ප්‍රහාරයක් බව පවසමින් සිය සංවේදී ජන කොටස් පාලනය කරගැනීමට කටයුතු කරන පසුබිමක මුස්ලිම් නායකයන් කටයුතු කළේ මුස්ලිම් අන්තවාදය සහ සාමාන්‍ය ජනතාව අතර බෙදුම් රේඛාව පැහැදිලි කිරීමට නොව කාදිනල්තුමා ඇතුළු කණ්ඩායම ඒ දෙපිරිස වෙන්කරමින් ඇන්ද රේඛාව මකා දමනු පිණිසය.

අන්තවාදීන් සමග ඍජු සබඳතා පැවති බවට චෝදනා එල්ල වූ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට ඉල්ලා අස්වන ලෙස පැවසූ විට ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් කළේ රොත්ත පිටින් ඉල්ලා අස් වී අන්තවාදීන් හෝ අන්තවාදී චෝදනා ලබන කණ්ඩායම් සහ තමන් අතර කිසිදු වෙනසක් නැතැයි ලොවටම කියාපෑමය. පල්ලියේ කඩු තබා ගත්තේ තණකොල කැපීමටය, නිවසේ කඩුව තබා ගත්තේ දියණියන්ගේ ආරක්ෂාවටය කියා පවසමින් අන්තවාදයට උඩගෙඩි දීමය. ආරක්ෂා කිරීමය.

ඊට පසු මේ කණ්ඩායම ඒ අවස්ථාවේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැඟූණු දැඩි සමාජ විරෝධය තනුක කර දියකර හැරීමට භාවිත කළ උපක්‍රමය අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු තරම් සූක්ෂ්ම එකකි. එහිදී සිදු වන්නේ මුස්ලිම් අන්තවාදය දෙසට එල්ල වන විරෝධය සමස්ත මුස්ලිම් ජනතාව වෙත යොමු වන්නක් ලෙස හුවා දැක්වීමය. එය ප්‍රබල අනුකම්පා රැල්ලක් මගින් යටපත් කර සිංහල බෞද්ධ විරෝධයකට හැරවීමය. එමගින් එතෙක් මුස්ලිම් අන්තවාදයට පක්ෂව කරළියට පැමිණීමට නොහැකිව සිටි බලවේගවලට ඒ එක්වීමට සුජාතභාවයක් ලබා දීමය.

ඒ සඳහා පාස්කු ප්‍රහාරය අවස්ථාවේ යොදා ගත්තේ කුරුණෑගල වෛද්‍ය ෂාෆිගේ සිද්ධියයි. රාජ්‍ය නොවන සංවිධාන, තානාපති කාර්යාල, මුස්ලිම් දේශපාලකයන්, ජවිපෙ එජාපය ඇතුළු සිංහල විරෝධී දේශපාලන පක්ෂ, වාමාංශිකයන්, ලිබරල්වාදීන් එකතු වී පාස්කු ප්‍රහාරය සහ එහි වින්දිතයන් අබිබවා වෛද්‍ය ශාෆි සහ ඔහු නියෝජනය කරන මුස්ලිම් ජනතාව වින්දිතයා බවට පත් කෙරිණි. මුස්ලිම් අන්තවාදයට එරෙහි වූ සිංහල බෞද්ධ ජනතාව සුළු වාර්ගික කොටස් මර්දනය කරන බවට අන්තවාදී ලේබලය ඇලවිනි.

ඉන්පසු අප හමුවේ ඇති වර්තමාන කොරෝනා වසංගතය මෑත ඉතිහාසයේ අප මුහුණපාන ඉතාම දරුණු අභියෝගයකි. එම රෝග තත්ත්වය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ ඇඳිරි නීතිය පනවමින්, ජනතාවට උපදෙස් දෙමින්, අවදානම් කණ්ඩායම් නිරෝධායනයට සහ ස්වයං නිරෝධායනයට යොමු කරමින්, ජනගහනයෙන් 1/3කට පමණ සහනාධාර ලබා දෙමින් උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෑතක විදෙස්ගත වූයේ නම් වහාම ලියාපදිංචි වන ලෙස ජනතාවට දන්වා තිබේ.

එවැනි පසුබිමක මුස්ලිම් ජනතාවගෙන් කොටසක් ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහනට කිසිදු සහායක් ලබා දුන්නේ නැත. සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් තඹයකට මායිම් කළේ නැත. අටළුගම, අකුරණ, කඩයන්කුලම් ආදී මුස්ලිම් ගම්මානවලින් කොරෝනා රෝගීන් හමුවන්නේත් එම ප්‍රදේශ ගම්පිටින් වසා දැමීමට සිදුවන්නේත් ඒ නිසාය. මෙලෙස ලංකාවේ මුස්ලිම් සමාජයට කොරෝනා බෝ කළ පිරිස ඉන්දුනීසියාවේ ආගමික සමුළුවට ගොස් පැමිණ නිරෝධායනය ද මගහැරි පිරිසකි.

එපමණක් නොව ඇඳිරි නීතිය පනවා ජනතාව ඒකරාශී වීම තහනම් කර තිබිය දී ඇතැම් මුස්ලිම් කණ්ඩායම් පල්ලියට පැමිණියහ. කොරෝනා මර්දනයට වෙහෙසෙන රජයේ නිලධාරීන්ට තර්ජනය කළහ. බාධා කළහ. නිරෝධායනය සඳහා ගම වසා තිබිය දී බොල්ගොඩ ගඟින් එතෙර වී අවට ගම්වලට ගියහ. බොරු ලිපින ලබාදෙමින් රෝහල්වලට ආහ.

මේ එක් අතකට කිසිදු වාර්ගික පදනමක් නැතිව කුඩා කල සිට රටේ නීතියට ගරු කිරීමට අවනත වීමට එකම නීතියක් යටතේ ජීවත් වීමට උගන්වනු වෙනුවට රටේ නීතියේ හිල් හදමින් විවිධ වරදාන ලබා දෙමින් මේ රටේ පාලකයන් කළ අපරාධවල ප්‍රතිඵලයයි.

මේ නිසාම රටේ 9%ක් පමණ වන මුස්ලිම් ජනතාව අතරින් එම ප්‍රතිශතයට කිසිසේත් සමාන නොවන කොරෝනා රෝගීන් පිරිසක් බිහිවිය. ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ මාර්තු 30 වෙනිදාය. එදින වාර්තා වූ රෝගීන් 21 දෙනා අතරින් අවම වශයෙන් 19ක් මුස්ලිම්ය.
මෙලෙස දැනට හඳුනාගෙන ඇති රෝගීන් පිරිස ඉතාලියේ සිට පැමිණි නිරෝධායනය වන අතරතුර හඳුනාගත් රෝගීන්ට ද වඩා විශාලය.
එසේම සංචාරක මගපෙන්වන්නන් වැනි සෙසු ආසාදිතයන් වහා රජයේ උපදෙස් පිළිපැද රෝහල්ගත වූ නිසා ඔවුන් වාසය කළ ගම්මාන පිටින් වසා දැමීමේ හෝ එය සමාජයට බෝවීමේ අවදානමක් තිබුණේ නැත.

කොරෝනා වංසගතය සමග මුළු ලෝකම දැඩි අර්බුදයකට පත්වන පසුබිමක බහුතර සිංහල ජනතාව හෝ දෙමළ ජනතාව අතර නොව මුස්ලිම් ජනතාව අතර කොරෝනා පැතිරයාම දෙස සෙසු ජනකොටස් අතර සැකයට බියට හේතුවක් විය. එහිදී මුස්ලිම් දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් කළ යුතුව තිබුණේ සිය ජනතාව වහාම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගැනීමය. සිය ජනකොටස සමස්ත සමාජයම අනතුරේ හෙළන බවට සමාජගත වෙමින් පැවති මතය වහා වෙනස් කිරීමට පෙරමුණ ගැනීමය.

එහෙත් ඔවුන් කළේ රෝගී වූ ජනතාවගේ වාර්ගික සහ ආගමික අනන්‍යතා හෙළි කළේ යැයි රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍ය ආයතනවලට චෝදනා කිරීමය. එය වර්ගවාදය බවටත් සුළු වාර්ගික කොටස් හිංසනයට ලක් කිරීම බවටත් ඝෝෂා කිරීමය. කොරෝනා රෝගවයට ජාති ආගම් භේද නැති බවත් රෝගී සියලු දෙනා ලාංකිකයන් බවත් කියමින් සුපුරුදු පරිදි රාජ්‍ය නොවන සංවිධාන හයිනාවන් ද, NGO කලාකරුවන් සහ උගතුන් ද ඊට සම්මාදම් වීමට අමතක කළේ නැත.

පාස්කු ප්‍රහාරයේ රැල්ල කනපිට හරවමින් මුස්ලිම් අන්තවාදය දියකර සිංහල බෞද්ධයා අන්තවාදියා කළ ශාෆිගේ භූමිකාව මෙහිදී ඉටුකරන්නේ කොරෝනා මරණ ආදාහනය ද? භූමදානය ද? යන ගැටුමය. මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලු දෙනා ලාංකිකයන් බව සඳහන් කරමින් ඔවුන්ගේ වාර්ගික පදනම හෙළි කළේ යැයි රජයේ නිලධාරීන් පට්ට ගැසූ කණ්ඩායම දැන් කියන්නේ එම කොරෝනා රෝගීන් මිය ගිය පසු නැවත ආගමික ලෙස බෙදිය යුතු බවය.

මුස්ලිම් නායකයන් බුද්ධිමත් ලෙස කටයුතු කළේ නම් සිය ජනතාව කොරෝනා උවදුරින් ගලවා ගැනීම සඳහා ආදාහනය සඳහා එම සමාජයේ ඇති අකමැත්ත කදිමට යොදාගත හැකිව තිබිණි. අප සියලු දෙනා කොරෝනා උවදුරින් පරිස්සම් විය යුතු බවත් එසේ නොවන්නේ නම් ආදාහනයට සූදානම් විය යුතු බවත් සිය ජනතාවට පැවසීම පමණි. එසේ වූයේ නම් එම ජන කොටස් වගකීම් සහගතව හැසිරීමට ඉඩ තිබිණි. එහෙත් මේ නායකයන් කළේ මරණයේ දී ද සිය ජනතාව වෙනුවෙන් වරප්‍රසාද ඉල්ලීමය. ඊට එරෙහි වන්නා අන්තවාදියකු බව පැවසීමය.

ඒ අනුව ජාති ආගම් වර්ග භේද නැතිව රටට උචිතම එකම ක්‍රමයකට එම මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු කරන්න යැයි කියන්නා අන්තවාදියෙකි. රටේ නීතියට නිහඬව අනුගත වූ බහුතර ජනතාව අන්තවාදීන් ද අන්තවාදීන් වින්දිතයන් ද කළ ඒ මෙහෙයුම වටා සුපුරුදු රාජ්‍ය නොවන සංවිධාන කල්ලි ද බටහිර තානාපති කාර්යාල ද ඒවා මත යැපෙන කලාකරුවන් සහ උගතුන් ද පෙළ ගැසී තිබේ.

ලොව පුරා බලය වෙනුවෙන් මරා ගන්නා බටහිර සහ අරාබි බලවේග ලංකාවේ දී සිංහලයාට එරෙහිව මේ අවස්ථා දෙකේදීම සමගියෙන් අවි එසවීම පුදුම එළවන සුලුය. එය අපගේ දැඩි අවධානයට යොමුවිය යුතු තත්ත්වයකි. සැබවින්ම සිදුවන්නේ විවිධ අවශ්‍යතා මත පෝෂණය කරවන මුස්ලිම් අන්තවාදය අවශ්‍ය අවස්ථාවේ බටහිර බලවේග විසින් යොදාගැනීම බව ඉතාමත් පැහැදිලිය.

පසුගිය දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට නිසි පෞරුෂයක් සහ ලාංකික අක්මුල් සහිත නායකත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම මේ සඳහා බලපෑ මූලික හේතුවය. මේ නිසා සිදුව ඇත්තේ කාලයක් තිස්සේ මෙරට නිර්මාණය වූ ලාංකික මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ එකිනෙක මරා දමමින් අරාබි මුස්ලිම් සංස්කෘතිය මෙරට මුස්ලිම් සමාජය ගොදුරු කරගැනීමය. බුර්කාව, හලාල්, මද්රාසා පාසල්, මුස්ලිම් බැංකු ආදි සියල්ල එම ආක්‍රමණයෙහි ප්‍රතිඵලය.

කිසිදු කාලගුණික ගැටලුවක් නැත්නම් ගුවන්යානයකට නියමුවෙකු රහිතව (auto pilot mode)ගමන් කළ හැකිය. එහෙත් ගැටලුවක් පැමිණි අවස්ථාවට තීරණයක් ගැනීම සඳහා නියමුවකු සිටිය යුතුය. නැතහොත් යානාව කිසියම් මොහොතක විනාශ වීම වැළැක්වීම කළ නොහැක්කකි. දැනට මුස්ලිම් සමාජයේ සිටින්නේ ගුවන්යානය නියමුවකු රහිතන ගමන් කරන විට එය හැසිරවිය හැකි වැදගැම්මකට නැති නායකයන්ය.

මේ පිරිස එකිනෙකා පරයමින් කරන්නේ මුස්ලිම් සමාජය ගොදුරු වී ඇති එම භයානක අන්තවාදයේ හොරි කැසීමය. එම හොරි කසමින් තාවකාලික සහනයක් සමාජයක් ලබා දී ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමය. නැවත අන්තවාදී හොරි කැසීමය. ඉන් එහා කිසිවක් ඔවුන්ට කළ නොහැකිය.

මේ ඛෙදවාචකයෙන් මිදීමට නම් අන්තවාදයට අබ මලක තරම් කප්පමක් නොදී ඒ ජනතාව මෙරට සංස්කෘතියට නීතියට අනුගත කර ගැනීමට රජය කටයුතු කළ යුතුය. ලංකා මුස්ලිම් සමාජය තුළින් මේ රටේ අක්මුල් සහිත රටට රටේ සංස්කෘතියට ආදරය කරන නායකත්වයක් නිර්මාණය විය යුතුය. කිසියම් අර්බුදකාරී අවස්ථාවක එම ජනතාව පාලනය කර ගැනීමේ නායකත්වය ලබා දීමේ හැකියාව එම නායකයන්ට තිබිය යුතුය. මේ රටේ සියලු ජන කොටස්වලට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි ද යන්න තීරණය වන්නේ ඒ මතය.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස