පාස්කු ප්‍රහාරය සමග ජාතීන් අතර ඇති වූ එකමුතුකම බිඳ දැමීමට ඉඩදිය යුතු නෑ! – අගමැති

June 7, 2019 at 10:26 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පසු බොහෝ කලක් දක්නට නොලැබුණු ආකාරයට රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ඇති වූ එකමුතුව යම් යම් කොටස් සංවිධානාත්මකව කළ දේශපාලනික ජාතිවාදී වැඩ මගින් බිඳ දැමීමට උත්සාහ කරන බවත් ඊට ඉඩ ලබා දිය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගියදා සිදු කළ සත්‍ය ක්‍රියාව සමග රටේ ඇති වූ ජාතිවාදී තත්ත්වය නිසා මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හැරීම සහ මුස්ලිම් ජනතාව වෙන් වීම සුබදායි තත්ත්වයක් නොවන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති එජාප මන්ත්‍රී හමුවක දී අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස