පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට පූජිත ඇතුළු පොලිස් ලොක්කන් 13කට චෝදනා! අපරාධ විමර්ශන අරඹන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග!

June 21, 2019 at 10:11 am | by emanisa.lk

පසුගිය අප්‍රේල් 21 වැනිදා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරය වළක්වා ගැනීමට සහ එම ප‍්‍රහාරවල බලපෑම් අවම කර ගැනීමට නිසි පියවර නොගත් පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, විශේෂ බලකා අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව වහාම අපරාධ විමර්ශන ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට නියෝගත කර තිබේ.

එකී ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා වෙත එලෙස ලිඛිතව උපදෙස් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස