පාස්කු ප්‍රහාරය පිටුපස ඊජිප්තු මුස්ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්ත සංවිධානය….! සියල්ල හෙළි වෙද්දි මුස්ලිම් දේශපාලනඥ සොහොයුරාගේ බිරිඳ රටින් පනී….!

January 10, 2021 at 2:53 pm | by emanisa.lk

පුද්ගලයන් 268 කට අධික පිරිසක් ඝාතනය වූ පාස්කු ප‍්‍රහාරය සංවිධානය කර ඇත්තේ ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් නමැති තහනම් ත‍්‍රස්ත සංවිධානය බව අනාවරණය වී ඇත.

මෙම අන්තවාදී සංවිධානයේ ක්‍රියාකාරිනියක වන මෙ රට මුස්ලිම් දේශපාලනඥයකුගේ සොහොයුරාගේ බිරිඳ මේ වන විට රටින් පැනගොස් ඇති බව හෙළි වී තිබේ.

ඊජිප්තුවේ කයිරෝ නුවර ශාන්ත පිටර් සහ බාවුස් දෙව්මැඳුරුවලට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ආකාරයට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි හා කටුවපිටිය දෙව්මැඳුරුවලට ද මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වී ඇත.

මුස්ලිම් බුදර්හුඩ් ක්‍රියාකාරිනිය පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවේ සිටින බෝම්බකාරියන් තිදෙනකු සමග රහස් සාකච්ඡාවල යෙදී ඇති අතර ඊට අදාළ දුරකථන ඇමතුම් ද විමර්ශන බලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම ත‍්‍රස්ත සංවිධානය ඊජිප්තු රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කළ සංවිධානයක් වන අතර ඒ සඳහා කටාර් රාජ්‍යයේ ඉස්ලාමීය සංවිධානයකින් අරමුදල් ලැබී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස