පාස්කු ප්‍රහාරය නිසා මුස්ලිම් ජනතාව සුවිශාල පීඩාවකට ලක්වුණා…! – ජවිපෙ…

February 28, 2021 at 11:45 pm | by emanisa.lk

ඉස්ලාම් ආගමිකයින් සුළු පිරිසක් සම්බන්ධ වූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සමස්ත ඉස්ලාම් ජනතාව සුවිශාල පීඩාවකට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සහරාන් නිර්මාණය කළේ ඇයි ද යන ප්‍රශ්නයට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිසම් සභා වාර්තාවෙන් පිළිතුරු නොලැබෙන බව ද එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්වා දෙයි.

එම ප්‍රහාර නිසා රටේ ආර්ථිකය සංචාරක කර්මාන්තය සහමුලින් ම විනාශ වූ බව ද ඔහු සඳහන් කරයි.

තුවක්කුව බැන්ද පුද්ගලයා දඩයම ගෙන යන ගැම්මෙන් හඳුනාගත හැකි බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය නිසා කතෝලික ජනතාවට වාසි නොලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *