පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන හරියට සිදුවෙයි කියලා විශ්වාසයක් නෑ! – කාදිනල්තුමා

June 10, 2019 at 9:42 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති දහම් පාසල් වැඩසටහනකට එක්වෙමින් කාදිනල්තුමා මේ බව කියා සිටියේය.

“මේ ප්‍රහාරය එකපාරටම ඇතිවු දෙයක් නෙවෙයි වසර ගණනාවක් ඉඳලා සුදානම් වෙච්ච කරගෙනගිය වැඩපිළිවෙළක ප්‍රථිපලයක් හැටියට තමයි මම දැක්කේ. මේ වැඩපිළිවෙළ ලංකාවේ වැඩපිළිවෙළක්ද පිටරට දි සංවිධානය වු වැඩපිළිවෙළක්ද කියලා අපට කියන්න අමාරුයි. තාම ඒ වාර්තාවල් ලැබිලා නැහැ නේ පරික්ෂණ ඉවරවෙලා නැහැනේ. ඒ පරක්ෂනවලටත් මතබෙද මතුවෙලා තියෙනවා. සමහරවිට ඒ පරික්ෂණ හරියට කෙරෙවිද කියලා දන්නෙත් නැහැ.”

“ලංකාවේ පසුගිය වසර පනහ හතලිහ ඇතුළත මේක හැමදාම සිදුවු දෙයක්. ප්‍රහාරවලින් ඉතාම උසස් ගණයේ පුද්ගලයින් මරණයට පත්වුණා. ප්‍රේමදාස මහත්තයා බොම්බයකින් මරණයට පත්වුණා. රන්ජන් විජේරත්න මහත්තයා මරණයට පත්වුණා. සුප්‍රසිද්ධ නළුවෙක් වු විජය කුමාරතුංග මහත්තයා වෙඩිතියලා මරලා දැම්මා.මේ එකම මරණයකටවත් හරියාකාරව විමර්ශනයක් කරලා පිටිපස්සේ හිටියේ කවුද කියලා සෙව්වේ නැහැ කොටින්ම කියනවා නම් ලංකාවේ සිදුවු මහා භිෂණය 1970,71, 88,89 ඒ භිෂණ පිටුපස හිටියේ කවුද කාවද මැරුවේ කියලා කිසිකෙනෙක් හොයලා බැලුවේ නැහැ.”

“අපේ රටේ තරුණයන් තරුණියන් මේ භිෂණවලින් මරණයට පත්වුණා. පාරේ තැනිත් තැන මිනි දමලා තිබුණා. ටයර් සැයවල් තිබුණා. මේවා පිටුපස්සේ හිටියේ කවුදා කියලා කවදාවත් සෙව්වේ නැහැ මේක අපේ රටේ සංස්කෘතියේ කොටසක් වෙලා මිනි මරණවා මුකුත් කරන්නේ නැහැ. සමාවෙන්න මේවා කිව්වාට මට ටිකක් සැකයක් එනවා පාස්කු දින මිය ගිය ජනතාවටත් ඔහොමද වේවිද කියලා. මේ අයගේ ජිවිත වලට වගකියන්නේ කවුද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස