පාස්කු ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූ කිසිවකු අපේ කඳවුරට ගන්නේ නෑ! – බැසිල්

August 8, 2019 at 4:41 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල වූ කිසිදු දේශපාලන පක්ෂයක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනුදෙනු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් නොවන ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් සමග කටයුතු කිරීමට තමන් සූදානම් බව ද  හෙතෙම පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ඇතැම් පුද්ගලයන් පවසන ආකාරයේ දරුණු පාලකයකු නොව හොඳ කළමනාකරුවකු සහ ප්‍රජාතාන්ත්‍රිකයකු බවත් ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒකාධිපතියකුට හෝ එවැනි ගතිගුණ සහිත අයකුට තම පක්ෂය සහාය ලබා නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස