පාස්කු ප්‍රහාරය ගැන එදා මැති ඇමැති හැමෝම දැනගෙන හිටියා…! – වෙල්ගම

March 26, 2021 at 11:07 pm | by emanisa.lk

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත්ව සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිළධාරීන් මාර්ගයෙන් එම තොරතුරු ලබා දී තිබූ බවත් යම් මන්ත්‍රීවරයෙක් ඒ පිළිබඳව දැනුම්වත්ව නොසිටියේ යැයි පවසන්නේ නම් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු පෙන්වා දෙයි.

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්, ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් අනාවරණය කර ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කර ඔවුන්ට දඬුවම් ලබාදීම රටේ රාජ්‍ය නායකයාගේ වගකීම බව ද වෙල්ගම පවසයි.

එය තවදුරටත් ප්‍රමාද නොකර සිදුකළ යුතු බවත් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පැමිණියේ ද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදී බවත් කුමාර වෙල්ගම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස