පාස්කු ප්‍රහාරය එල්ල වුණේ යහපාලන ආණ්ඩුවේ නපුංසක වැඩ නිසයි…! සජිත්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු ත්‍රස්තවාදීන්ට දඬුවම් දෙනවා…! – ෆීල්ඩ් මාර්ෂල්….

April 15, 2021 at 10:43 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සිදුකළ නපුංසක වැඩ තමන් නොකරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

පාස්කු ප්‍රහාරය ආදීය සිදු වූයේ යහපාලන ආණ්ඩුවේ නපුංසක වැඩ නිසා බව ද ඔහු සඳහන් කරයි.

තම ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අනිවාර්යෙන් දඬුවම් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

පරිසර විනාශය සිදුකරන පිරිසට ද අනිවාර්යෙන් දඬුවම් කරන බව සරත් ෆොන්සේකා අවධාරණය කළේ ය.

වර්තමාන ආණ්ඩුව කෙරෙහි ඇමැතිවරු පවා කලකිරී ඇති බවත් එහි කඩා වැටීම ආරම්භ වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

ගම්පහ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *