පාස්කු ප්‍රහාරය එල්ල වුණේ බුද්ධි අංශ දුර්වල නිසා නෙවෙයි! ඊට ඉහළ අය වගකීම් පැහැර හැරි නිසා!

September 9, 2019 at 12:58 pm | by emanisa.lk

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව බුද්ධි අංශ වෙත එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ පවසයි.

කුරුණෑගල පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ දේශනයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරු දින ප්‍රහාරයට ප්‍රධාන හේතුව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් බුද්ධි අංශ නිලධාරීන් සිය රාජකාරිය අකුරට ඉටු කළ ද ඉන් පසු ක්‍රියාත්මක විය යුත්තන් වගකීම පැහැර හැර ඇති බවද හෙතෙම පැවසීය.

බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමෙන් මෙවැනි විනාශයක් සිදු වු බවට කරනු ලබන ප්‍රකාශය තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවසීය.

බුද්ධි අංශ නිලධාරීන් යනු පූර්ණ ලෙසම රජයේ නියෝග ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බැදී සිටින පිරිසක් බවත් මෙම ප්‍රහාරය යම් අයෙකුගේ අවශ්‍යතාවක් අනුව සිදුවු බවත් ඔහු පවසයි.

එසේ නොමැතිව කිසිදු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙම ප්‍රහාරය සිදු වෙනු දැකීමට අවශ්‍යතාවක් නොතිබුණු බවත් අජිත් කොලොන්නේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස