පාස්කු ප්‍රහාරය එල්ල වන විට රටේ ආරක්ෂාවට STF 892යි! දේශපාලනඥයන්ගේ ආරක්ෂාවට 2245යි!

August 7, 2019 at 10:08 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ රටේ ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා තිබුණේ විශේෂ කාර්ය බළකායේ 892ක භට පිරිසක් බව අනාවරණය වී ඇත.

එහෙත් දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ භටයන් 2245 ක් යොදවා තිබිණි.

ඉන්දියාව පවා ‘බ්ලැක් කැට්ස්’ ආරක්‍ෂක බළකායේ සියයට 99ක් භටයන් දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව උදෙසා යොදා නැත. එම සෙබලු යොදවා ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටය.

එහෙත් ලංකාවේ කිසිදු තර්ජනයක් එල්ල වී නැති දේශපාලනඥයන්ගේ ආරක්ෂාවට පවා විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබාදී තිබේ.

මෙම ප‍්‍රහාර එල්ල වන අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පමණක් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබාදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව