පාස්කු ප්‍රහාරයේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාර ගන්නවා නම් ඔහුට දඬුවම් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ඔහු මේ බව පැවසූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විපක්ෂ නායක හෝ වෙනත් පුද්ගලයකු තමන් වරදක් කළ බව භාර ගන්නවා නම් අධිකරණයේ විනිසුරුවරයකුට හෝ එම පුද්ගලයා නිවැරදිකරු යැයි ප්‍රකාශ කළ නොහැකි බව තමන් දන්නා නීතිය යැයි ද රංගෙබණ්ඩා සඳහන් කළේ ය.
“මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවට අද පමණක් නොවෙයි එදා ඉඳලාම මම ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස එහි වගකීම භාර ගන්නවා කියා තිබෙනවා නම් ඔහුට දඬුවම් පැමිණවීම කළ යුතුයි.
මෛත්‍රීපාල සිරිසේන සමග ළඟින්ම හිටපු අය එහි වගකීම භාර ගන්නවා නම් එහි වරදක් මම දකින්නේ නැහැ. අපේ පක්ෂයේ සමහරු ‘ඩබල් ගේම්’ ගහගෙන හිටියා.
සාමාන්‍යයෙන් අපරාධයක් වුණාම අපරාධකාරයා එම වරදෙන් ගැළවෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපරාධයක් වුණාම වරද භාර ගන්නවා දැක්ක ප්‍රථම අවස්ථාව මෙයයි. සාමාන්‍යයෙන් මිනිස්සු සියදිවි හානි කර ගන්නවා. නමුත් තමන් විසින් තමන්ට දඬුවම් කර ගන්නවා දැක්ක පළමු අවස්ථාව ලෙසයි මෙය මා දකින්නේ.”