පාස්කු ප්‍රහාරයේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාර ගැනීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ විරෝධතා එල්ල වෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
පාස්කු ප්‍රහාරය සිදු වන විට බලයේ සිටියේ සිය පාර්ශ්වයේ රජයක් බැවින් එහි වගකීම තමා භාර ගැනීමට සූදානම් බවට සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය ඔහුගේ තනි මතයට කළ ප්‍රකාශයක් බව සමගිජන බලවේගය ජ්‍යේෂ්ඨයෙක් පවසා තිබේ.
සජිත් ප්‍රේමදාස මෙම වගකීම භාර ගැනීමට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් දැනුම්වත් නොකළ බව ද ඔහු අනාවරණය කර තිබේ.
විපක්ෂ නායකවරයා බුන්දල දී මෙම ප්‍රකාශය කරනතුරු කිසිවකුත් එවැනි ප්‍රකාශයක් කරන බවක් නොදැන සිටි බව ද මෙම ප්‍රකාශය නිසා සමගි ජන බලවේගයට මහජන අප්‍රසාදයක් එල්ල වෙමින් තිබෙන බව ද පක්ෂයේ ශ්‍රේෂ්ඨයා වැඩි දුරටත් සඳහන් කරයි.